Posts

අනගාරික ධර්මපාලතුමා

Image
අනගාරික ධර්මපාලතුමා කලින් කලට නොයෙක් ආකාරයේ වීරයින් බිහි වෙනවා. ඇතැමුන් ජනතාවගේ සිත් තුල සදාකල් ලැගුම් ගන්නා අතරම ඇතැමුන් ඒ ඒ කාලයත් සමඟම මතකයෙන් ගිලිහි යනවා. ලොව පුරා සිටින බෞද්ධ ජනතාවට තම ජිවිත කාලය පුරාවට අමතක නොවන බොදු විරුවකුගේ 152 උපන් දිනය පසුගිය සැප්තැම්බර් 17 වෙනිදාට යෙදී තිබුනා. එතුමා නොසිටින්නට අද අපට කතා කරන්නට බුදු දහමක් ලොව ඉතුරු නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුනා කිව්වත් වැරැද්දක් නැති බවයි අපිනම් හිතන්නේ. මේ යුග පුරුෂයා වෙන කවුරුත් නොව , ලෝ සුපතල අනගාරික ධර්මපාල තුමා යි. ළමා කාලය දොන් ඩේවිඩ් හේවාවිතාරණ දරුවා මෙලොව උපත ලබන්නේ 1864 සැප්තැම්බර් 17 වෙනිදා. මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ මොහුගේ දෙමව්පියන් උනා. දොන් කරෝලිස් හේවාවිතාරණ මාතර ප්‍රදේශයේ කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයක්. ඒ විතරක් නෙමෙයි මේ දෙමව්පියන් බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ අය. පවුලේ අය බුද්ධාගමට දැක්වූ ලැදියාව නිසා කුඩා කල සිටම දොන් ඩේවිඩ් හේවාවිතාරණ දරුවාට බෞද්ධාගමික ආභාෂය ලැබුනා. එය එකල අපේ රටේ පැවති සමාජ පසුබිම හා සලකන විට භාග්‍යක් ලෙස සලකන්නට...